පිළියන්දල, කහතුඩුව ප්‍රගති මාවත රඹුක්පොත වත්තේ ඉදිකෙරෙන "ජනසෙවණ ඕෂන් විව් නිදහස් ගම්මානය " මධ්‍යම පාංතික ජනතාව වෙනුවෙන් ඉදිකෙරෙන මෙම නිවාස ගම්මානය අංග සම්පුර්ණ නිවාස 40 කින් යුක්තයි. පර්චස් 10 බැගින් වන බිම් කොටස්වල වර්ග කිහිපයකට අයත් නිවාස 40 ක් මෙහි ඉදිකෙරේ. "මහින්ද චින්තන ඉදිරි දැක්ම" අනුව විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි කි්‍රයාත්මක ජනසෙවණ නිවාස දස ලක්ෂයේ නිවාස හා ජනාවාස සංවර්ධන මෙහෙයුම යටතේ මෙම "ජනසෙවණ ඕෂන් විව් නිදහස් ගම්මානය"ඉදිකෙරේ.




