අප ගැන

ඕෂන් විව් හරහා නිවාස වෙළඳ පොලෙහි වෙනසක්.....................

“නිවසක් යනු මිනිසාගේ මුලික අවශ්‍යතාවලින් එකකි.’’ ......පාසල තුළින් අප උගත්තේ එලෙස වුවත් අද එය නිවසක් හෙවත් ස්ථිර වාසස්ථානයක් යන අර්ථකථනයෙන් ඔබ්බට ගොස් ස්වකීය පුද්ගලිකත්වය දක්වන සංකේතයක් බවට පරිවර්ථනය වෙමින් පවතී. නිවසක් යනු බිත්ති හතරකින් සහ වහලයකින් වෙන්වූ කුටීරයක් නොව ක්‍රමානූකුලව එකිනෙක හා සම්බන්ධ අවකාශයන්හි එකතුවක් බව අවබෝධකර ගැනීමේහිලා වූ බුද්ධිමය කතිකාවතක් සමාජය තුල ව්‍යාප්ත වෙමින් පවති. විශේෂයෙන් තොරතුරු තාක්ෂණය සමඟ ප්‍රචලිත වූ ගෘහ නිර්මාණ ශිල්පියත්වයත් ඉංජිනේරු තාක්ෂණ දියුණුවත් සමඟ තමන්ගේ රුචිකත්වය හෝ ආවේනිකත්වය මත පදනම් වූ තම ’සිතැගි නිවස’ හෝ ’සිහින නිවස’ යථාර්ථයක් බවට පත්කර ගැනීමේහිලා වූ සංදිස්ථානය වෙත ඔහු අද එළඹෙමින් සිටී.
       
අද අප ජීවත්වන්නේ ඉතා කාර්ය බහුල අධිවේගී සමාජ රටාවක් තුලයි. විශේෂයෙන් ක්ෂණික හෝ පෙරනිමි භාණ්ඩ හා සේවාවන් ලබාගැනීමෙහිලා මිනිසා එළබී ඇති අතර ගතානුගතික සංකල්පිත න්‍යායයන් ක්‍රමානුකූලව ගිලිහෙමින් පවතී. නිවාස වෙළඳපල තුළ පෙර නිමි නිවාස වෙත මෙන්ම නිර්මිත නිවාස වෙතද එකහා සමාන වූ ඉල්ලීමක් පවතී. මෙහිදි නිර්මිත නිවාස යනුවෙන් අදහස් කරන ලද්දේ තමන් කැමති ස්ථානයක ,සිතැගි වටපිටාවක , තමන්ගේ සිතුම් පැතුම් අවශ්‍යතාවයන්ට හා අතැති මුදලට සරිලන පරිදි නිමවූ නිවාස ඒකකයන්ය. නිවාස වෙළඳපලෙහි අද පවතින තරගකාරිත්වය සමග නිවාස සදහා ඇති ඉල්ලීම් සපුරාලනු වස් රාජ්‍ය, පෞද්ගලික මෙන්ම ඒක පුද්ගල ව්‍යවසායකයින් රාශියක් ඉදිකිරීම් කර්තව්‍යයන්හි නියැලෙමින් සිටී. ඇතැම් ආයතන හා පුද්ගලයින් වෙළදපල තුළ රැඳීම සදහා ඉතා අඩු මිළගණන් වලට නිවාස අලෙවි කිරීම හෝ නිවාස සාදා දීම සදහා ඉදිරිපත් වීමත් සමඟ ගුණාත්මක භාවයෙන් අඩු හා නියමිත ප්‍රමිතියෙන් තොරව සාදන ලද නිවාස වල ජීවත්වීමට පාරිභෝගිකයින්ට සිදුව තිබේ. එමෙන්ම වංචාකාරයින් රැවටී තමන් දුක් මහන්සියෙන් උපයාගත් මුදල් මෙන්ම බැංකු හරහා ණය වශයෙන් ගත් මුදල්ද නිවාස ඉදිකිරීම සදහා යොදවා, නිවසක් කෙසේ වෙතත් යෙදූ මුදලවත් නැවත ලබා ගැනිමට නොහැකිව අසරණ වූ අවස්ථා මා‍ධ්‍ය හරහා අපට දැනගන්නට ලැබේ. නිවාස අවශ්‍යතාවය ඇති මුත් ඒ සදහා වැය කිරීමට කාලය යෙදවීමට නොහැකිව හෝ ඉදිකිරීම් ආයතනයක් වෙත යාමට ඇති පැකිලීමත් සමග තව දුරටත් කුලී නිවාස වල ජීවත්වීමට හෝ  තමන් අකමැති පරිසරයක තමන්ට රුචි නොවූ අනුන්ගේ සැලසුමකට නිර්මාණය වු නිවසක් මිළදී ගැනිමට ඔවුන් පෙළබී ඇත.
                
“රාජ්‍ය විශ්වාසනීයත්වය, වගකිම හා කාර්යක්ෂමතාවය’’  යනු හුදෙක් පෙරවදනක් නොව හරාත්මක චින්තනයකි. සමාජ යථාර්ථයකි. “මහින්ද චින්තන ඉදිරි දැක්ම’’ යටතේ ශ්‍රී ලංකාවේ සෑම පවුලක් සදහාම නිවසක් හිමි විය යුතුය යන්න පැහැදිලිව සදහන් වන අතර, මෙම උතුම් අරමුණ ශාක්ෂාත් කර ගැනීම සදහා ඉදිකිරීම් ඉංජිනේරුසේවා ,නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය ගරු විමල් වීරවංශ මැතිතුමාගේ මග පෙන්වීම යටතේ “ජන සෙවන’’ නිවාස දස ලක්ෂයේ ජාතික නිවාස මහෝත්සවය ක්‍රියාත්මක වේ. සී/ස ඕෂන් විව් ඩිවෙලප්මන්ට් (පුද්) සමාගම අමාත්‍යාංශය යටතේ පවත්නා පූර්ණ රාජ්‍ය සමාගමක් ලෙස සිය සහෝදර රාජ්‍ය ආයතන සමග මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිමේහි ලා පෙරමුණ ගෙන ඇත. රාජ්‍ය සමාගමක් ලෙස ‘විශ්වාසනීයත්වය හා වගකීමත්’, පුද්ගලික ආයතනයක් ලෙස ‘කාර්යක්ෂමතාවයන්’ සංකලනාත්මකව පෙරදැරි කරගත් “ඕෂන් විව්” අද නිවාස වෙළදපලෙහි පැහැදිලි වෙනසක් සනිටුහන් කරමින් ජාතික නිවාස අවශ්‍යතාවය සපුරාලීමට ඉදිරිපත් වී සිටී.
පෙර සදහන් කල පරිදි තරගකාරී අධිවේගී නිවාස වෙළඳ පොළ වෙත   සී/ස ඕෂන් විව් ඩිවෙලප්මන්ට් (පුද්) සමාගම විසින් “ඩ්‍රීම් හවුස්” නිවාස සංකල්පය ඉදිරිපත් කොට ඇත. මෙම ව්‍යාපෘතිය විදේශගත ශ්‍රී ලාංකිකයින්ගේ නිවාස අවශ්‍යතාවය සපුරාලීම පිණිස මූලිකවම ක්‍රියාත්මක වන අතරම දේශිය පාරිභෝගිකයින් වෙතද වගකීමෙන් සේවය සලසා දීමට බලාපොරොත්තු වේ.  වසර ගණනාවක් විදේශීය රටවල සේවය කොට දුක් මහන්සියෙන් උපයාගත් මුදල් යොදවා හෝ තමන් විදේශගතව සිටින විට විශ්වාසදායී ඉදිකිරීම් සමාගමක් හරහා තමන්ගේ සිහින නිවස ඉදිකරවා ගැනීම සදහා ඔවුන්ට ඕෂන් විව් අත්වැලක් සපයනු ඇත. මෙම ව්‍යාපෘතිය සදහාම සේවය සැපයීම සදහා සහ නිරන්තරයෙන්ම පාරිභෝගික අවශ්‍යතාවයන් සපුරා ලීම සදහාත් විශේෂ ව්‍යාපෘති කාර්යාලයක් බත්තරමුල්ල සී එච් පී බී පරිශ්‍රයේ විවෘත කර ඇත. ව්‍යාපෘති කාර්යාලය හරහා, පැමිණ හෝ දුරකථනය මගින් සම්බන්ධවීමෙන් පසු ආයතනයේ ගෘහ නිර්මාණ ශිල්පීන් විසින් ඉඩම පරීක්ෂා කිරීමෙන් පසු පාරිභෝගිකයින්ගේ අවශ්‍යතාවයන්ට හා ඇතැති මුදලට සරිලන පරිදි නිවස නිර්මාණය කිරීම සඳහා කටයුතු සම්පාදනය කොට ඇත. මේ සදහා බැංකු ණය ලබා ගැනීම සදහා අවශ්‍ය පහසුකම් සපුරාලීමටද සමාගම ඉදිරිපත් වේ. තනි නිවාස , ද්විත්ව නිවාස සහ මහල් නිවාස මෙන්ම විශේෂ නිවාස ව්‍යාපෘතීන් සදහාද සේවය සැලසීමට ශිල්පීය හා ශ්‍රම දායකත්වයද ආයතනය සතුව පවතී. සී/ස ඕෂන් විව් ඩිවෙලප්මන්ට් (පුද්) සමාගම විසින් කඩිනම් සේවාවක් නිවාස ඉල්ලුම්කරු වෙත ලබාදීමේ පිළිවෙත සැකවින් පහත දැක්වේ.
  1. නිවාස ඉල්ලුම්රු සමග මූලික සාකච්චාවෙන් පසු ඔහුගේ ඉඩම ඉංජිනේරු/ ගෘහ නිර්මාණ ශිල්පීන් ලවා පරීක්ෂා කිරීම.
  2. ඉල්ලුම්කරුගේ අවශ්යතාවයන් හා ආයෝජනයට සරිලන පරිදි ද්විමාන හා ත්රිමාන සැලුසුම් නිර්මාණ කිරීම
                     
  1. සැලසුම් වෙනස්කම් සාකච්චා කොට එකගතාවයකට එළඹීමෙන් පසු ඇස්තමේන්තු පිළියෙල කිරීම
  2. ඉල්ලුම්කරු සමඟ අදාල ගිවිසුම් අත්සන් කොට මූලික ගෙවීම් කිරීමෙන් පසු නිවසේ ඉදිකිරීම් ආරම්භ කිරිම.
  3. මෙහිදි ගිවිසුම්  ප්රකාරව වාරික පහකින් ඉදිකිරීම් පිරිවැය ආයතනය වෙත ගෙවීමට (අදාල ඉදිකිරීම් මට්ටමට අනුකූල වන පරිදි) ඉල්ලුම්කරුවන්ට ඉඩ සලසා ඇත. මෙහිදි බැංකු ණය සදහා අවශ්ය පහසුකම් සැලසීමටද ආයතනය බලාපොරොත්තු වේ.

මෙහිදී සැලසුම් අනුමත කිරීම හා බැංකු ණය සදහා අවශ්‍ය ලියකියවිලි සකස් කර දීමේ වගකීමද ආයතනය විසින් දරනු ලැබේ. එසේම නිමවූ නිවසක් සදහා වගකීම් සහතිකයක්ද  අලෙවියන් පසු නඩත්තු සේවාවක්ද සපයනු ඇත.
නිවාස ඉල්ලුම්කරුවන් සදහා අවශ්‍ය සේවාවන් සැපසීම සදහා සතියේ දිනවල ඩ්‍රීම් හවුස් ව්‍යාපෘති කාර්යාලය බත්තරමුල්ල, අංක 33, සුනිල් මාවතේ සි.එච්.පී.බී. පරිශ්‍රයේ විවෘතව පවතී. මීට අමතරව සතියේ දින 07 පුරාම දුරකථන ,විද්‍යුත් තැපැල් මගින් සහwww.dreamhouse.lk  වෙබ් අඩවිය හරහා ඕෂන් විව් ඩ්‍රීම් හවුස් නිවාස ව්‍යාපෘතිය හා සම්බන්ධ වී අවශ්‍ය සේවාවන් ලබා ගත හැක.

ව්යාපෘති කාර්යාලය 

 ඕෂන් විව් ඩ්රීම් හවුස් නිවාස ව්‍යාපෘතිය
සී.එච්.පී.බී. පරිශ්රය
අංක 33
සුනිල් මාවත
බත්තරමුල්ල.
දුරකථන අංකය - 0113-443192,0112-177444
e.mail : ovdc123@sltnet.lk

          පැය 24 පුරා සේවාවන් ලබාගන හැකි දුරකථන අංක -  

                                    0094 773142045
           
                                              773142047 , 

                                              773142039